පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන


ශාසනාලයෙන් දැනුම් දීමයි



ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන මුලික කරගෙන මෙම ප්‍රදේශය තුළ යුධමය හේතුවෙන් විනාශ වූ අප බෞද්ධ විහාරස්ථාන පිළිසකර කරමින් භාවනායෝගී දෙස් විදෙස් භික්ෂුන් වැඩසිටින සුන්දර ආරණ්‍ය සේනාසන වශයෙන් පවත්වාගෙන යනු ලබයි. මෙම ප්‍රදේශය අන්‍යාගමිකයන් බහුලව සිටින ප්‍රදේශයක් බැවින් වැඩසිටින භික්ෂුන්ගේ ප්‍රත්‍ය පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. ඒ හෙයින් භික්ෂු ප්‍රත්‍ය ආධාර සඳහා සම්බන්ධ වීමට හිත ඇති පින් කැමති පින්වතුන් මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අප මෙයින් බලාපොරොත්තු වන්නෙමු.

විමසීම්: සේනාසනාධිපති, පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන

දුරකථන: 0718 562 700 / 0263 266 600