පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනය

ඉතා නිසංසල පරිසරයක පිහිටි කළුදිය පොකුණ මිහින්තලා පූජා භූමියේ ඉතා වැදගත් ආරාම සංකීර්ණයකි. කළු දිය පොකුණේ ජලය තද අඳුරු පැහැයක් ගනී. පොකුණ වටා ඇති රූස්ස ගස්වල සෙවණැල්ල පොකුණේ ජලය මතට වැටීම නිසා ජලය කළු පැහැ වී ඇති බව පැවැසේ. දිගින් අඩි 200 ක් හා පළලින් අඩි 70 ක් පමණ වූ මෙම දැකුම්කළු පොකුණ 1 කාශ්‍යප රජු විසින් ඉදිකර ඇති බව පුරා විද්‍යාඥයන් ගේ විශ්වාසයයි. කළු දිය පොකුණ ආසන්නයේ ගල් ලෙන්, ස්නානාගාර, දාන ශාලා, භාවනා ශාලා, දාගැබ්, හා පිරිවෙන් ගණනාවක්ම දකින්නට ලැබේ.