පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

රිටිගල ආරාමය


හෙළ පෞඩත්වයේ සංකේතය බඳු රිටිගල ආරාමය...

රිටිගල මෙම පුණ්‍ය භූමියේ ඇති අතිවිශිෂ්ඨ නිර්මාණ දුටු විට ඇතිවන්නේ වීශ්මීයජනක පෞඩත්වයකි...
මෙහි ඇති සුවිශේෂීම කාරණය හෙළදිව සෙසු විහාර ආරාම වල දකින්නට ලැබෙන චෛත්‍ය බුදු පිළිම හෝ වෙනයම් පූජා පැවැත්වීමට අවශ්‍ය ඓතිහාසික අවශේෂ කිසිවක් මෙහි දකින්නට නොමැති වීමයි... එසේ නම් මේ දැවැන්ත බෞද්ධ ආරාමයේ වැඩ සිටියෝ කවරහුද... ඒ අන් කිසිවෙකුවත් නොව පෘතක්ජන ඇදහිලි සර්ධාවෙන් ඔ
බ්බට ගිය අරහතුන් වහන්සේලා සහ ඔවුන් සෙවනේ විමුක්තිය සොයාගිය උත්තම පුරුෂයන් බව සැකයක් නැත...

රිටිගල ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයට යන බවත් බුද්ධ කාලයේත් එනම් ක්‍රි පූ පස්වන හා හයවන සියවස්වල මෙම ස්ථානය දැවැන්ත ආරාම සංකීරණයක්ව පැවති බවටත් තහවුරු කොට ඇත...හින්ඳු රාමායණයට මෙන්ම දුටුගැමුණු රජතුමාගේ සමයේ සිදුවූ බව කියන සිදුවීම් කිහිපයක් විශේෂයෙන් මහසෝන් කතාව රිටිගල හා බැදී පවතී...

මහා සංඝාවාස, ගල්ලෙන්, භාවනා කුටි, ධර්මශාලා, පුස්ථකාල, සක්මන් මළු, දියපැන් පොකුණු, සනීපාරක්ෂක කුටි (ලෝකයේ පැරණිම වැසිකිලි) වලින් අංගසම්පූරණ මෙම ආරාම සංකීරණයේ ඉතිහාසය ගැන නොයෙක් මත ඉදිරිපත් වී ඇත... ඒ අතරින් බුදු හිමියන් වැඩ සිටි ජම්බුද්වීපය මේ හෙළබිමේ යැයි පිළිගන්නා පිරිස් මෙම ස්ථානය බුදු පියාණන් වහන්සේ වැඩ සිටි සුදන්ත හෙවත් අනේපිඩු සිටුතුමා තනවා බුදුන්ට පූජාකල සැවැත් නුවර ජේතවනාරාමය බව පෙන්වා දී ඇත... ඔවුන්ට අනුව බුදු පියාණන් වහන්සේ භාවිතාකල ගඳකිළිය, ධර්මය දේශණා කිරීමට අසුන්ගත් ගල් අසුන, සැතපුනු ගල්ඇඳ පමනක් නොව ගල් කොට්ටයද අදටත් සියැසින් දැකගත හැකිය...

මෙම භූමියේ තිබී විවිධ යුගවලට අයත් සෙල් ලිපිද රාශියක් හමුවී ඇත... කෙසේ උවද මෙම ස්ථානයට සාධාරණය ඉටු කිරීමට පුරා විද්‍යා අංශ තවමත් අසමත්වී ඇති බව සටහන් කල යුතු අතර සෑම බෞද්ධයෙකුම දෑසින් දැක සිත් පහදවා ගත යුතු මේ හෙළබිමේ ඇති බලගතුම පුණ්‍ය භූමියක් ලෙස මෙම අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල ආරාම සංකීරණය හැදින්විය යුතුය...