පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් ඉස්මතුකොට පෙන්වා දුන් ධර්මානුකූල ක්‍රම වේදයන් අනුගමනය කිරීම තුළින් සත්‍ය ප්‍රතිඵල ලද්දෝ සිය දහස් ගනණකි. මෙම අන්තර්ජාල අඩවිය තුළින් ප්‍රකාශිත කරුණු අනුගමනය කිරීමෙන්ද, අරිය චිත්තාශ්‍රමයට පැමිණ සදහම් වැඩසටහන්වලට සහභාගී වීම තුළින්ද ඔබටත් මේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අවකාශ තිබේ.

 දහම් මග යන පිරිසෙහි අභිවෘද්ධිය අරමුණු කොට, විහාරස්ථානය තුළ සදහම් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ එම කාල වේලාවන්හිදී හමුවිය හැකිය. වැඩසටහන් පවත්වන වේලාව වැඩසටහන් සම්බන්ධය තුළින් දැන ගත හැක. 
දහම් මග යන පිරිසෙහි අභිවෘද්ධිය අරමුණු කොට විහාරස්ථානය තුළ සදහම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.
 පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ මෙම කාල වේලාවන්හිදී හමුවිය හැකිය.
කාලසටහන
පසළොස්වක හා අමාවක පොහොය දිනවල
පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පෙහෙවස් සමාදානය / ධර්ම සාකච්ඡාව / පුණ්‍යානුමෝදනාව

සෙනසුරාදා දිනවල
පෙ.ව. 9.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා  පටිභාන කාව්‍යමය පූජාව / පුණ්‍යානුමෝදනාව
 ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා
ධර්ම සාකච්ඡාව

විහාරස්ථානයට ලඟා විය හැකි ගමන් මාර්ග
  • අවිස්සාවේල්ල සිට රුවන්වැල්ල හරහා නිට්ටඹුව දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන් ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
  • නිට්ටඹුව සිට ඌරාපොල හරහා රුවන්වැල්ල දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන් ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
  • කඩුවෙල සිට වැලිවේරිය, කිරිඳිවැල, ඌරාපොල හරහා රුවන්වැල්ල දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන් ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
  • හොරණ සිට පාදුක්ක, හංවැල්ල, පූගොඩ, කිරිඳිවැල, ඌරාපොල හරහා රුවන්වැල්ල දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන්ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
  • හෝමාගම සිට ගොඩගම, හංවැල්ල, පූගොඩ,  කිරිඳිවැල,  ඌරාපොල හරහා රුවන්වැල්ල දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන්ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
  • නුවර - කොළඹ මහාමාර්ගයේ පස්යාල සිට අත්තනගල්ල, ඌරාපොල හරහා රුවන්වැල්ල දක්වා යන මාර්ගයේ ගමන් කිරීමෙන්ගෝනගල්දෙණිය මංසන්ධියට ලඟාවිය හැකිය
ගෝනගල්දෙණිය මංසන්ධියේ සිට බස්නාගොඩ මාර්ගය් මීටර 150 පමණ ගමන් කල පසු මාර්ගය් දකුණු පස අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය පිහිටා ඇත.