ශ්‍යාමෝපාලි වංශයේ ආරණ්‍ය සෙනසුන් හි ප්‍රධාන මධ්‍යාස්ථානය වන්නේ වතුරුවිල වනවාස සංඝමූලස්ථානයයි. කොළඹ සිට ඇල්පිටියට ගොස් පසුව මාපලගම බසයේ නැග වතුරවිල හංදියෙන් බැස කිලෝමීටර එකහමාරක් පමණ ගිය විට වතුරුවිල මහ සෙනසුන මුණ ගැසේ. අක්කර 80ක පමණ භූමියක් පුරා විසිරි ඇති මෙම සෙනසුන තුල ඇති ජෛව විවිධත්වයද ඉතා ඉහල වෙයි. තෙත් වනාන්තරයක ලක්ෂන ඇති මෙම වනය තුල ඇති සොභාව සෞන්දර්ය, තපෝධාරි පින්වතුන් වහන්සේලාගෙන් දෙගුන තෙගුන වී ඇතැයි මට සිතුනි. ලංකාවේ ආරණ්‍යවාසි බුද්ධපුත්‍රයන් වහන්සේලා සදහා වු එකම වනවාස පිරිවෙන පිහිටියේද මෙම වතුරුවිල සෙනසුනේ වීම විශේෂ කරුණක්.
වයස අවුරුදු හත පමණ වු කුඩා සාමණේරයන්වහන්සේලාගේ සිට ජේෂ්ඨ උපසම්පදා ලාභි පින්වත් හිමිවරු 80ක් දෙනාවහන්සේලා පමණ මෙහි වැඩ වසන අතර, උන්වහසේලා ඉගෙණීම මෙන්ම බවුන් වැඩිම ආදිය පුරුදු පුහුණු වෙන දර්ශණය මා සිත්සේ විද ගතිමි.
අරණ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි. "ශීත වනය" හා "තපෝ" වනය ලෙසිනි. තපෝවනයේ සිටින්නේ ජෝෂ්ඨ හිමිවරු වන අතර උන් වහසේලා බවුන් වැඩීම කරනු ලබයි. එහි මහා නිරාමිස බවක් මා දුටු අතර කොළොම්පුරේ මා දැන් ගෙවන මහා කලබල කාරි දිවියේ අසාර බව මා හට පසක් වුයේ මුන්වහන්සේලාගේ වු ශාන්ත ඉරියවු තුලිනි. අවට ඇසෙනුයේ නා නා විධ වු කුරුල්ලන්ගේ නාදය පමණි. ඉර එළිය හරි හැටි නොවැටෙන බිම තුල ඇති සිසිල් බවත් අදුරු ගුප්ත බවත් තුල ඇති නිහැඩියාව කෙලෙස් ගිණි නිවීමට ඇති මහානර්ඝ ඖෂධයක් බව ඔනෑම අයෙකුට පසක් වීමට නිමේෂයක් පමණක් ඔනෑවනු ඇත.මාගේ කැමරාවත් අටවාගෙන මා කුරුමානම් ඇල්ලුවේ අතු අතර ගී කියන කුරුල්ලන් බලාය. ඒ අතරින් මා කූඩැල්ලන් හා දැඩි සටනක් දුන් අතර, මගේ මාර්ගෞපදේශකයා වු අපේ පුංචි හමුදුරුවෝට නම් එය වගක් නැත.
මට කූඩැල්ලන් ගැලවීම ඉතා අපහසුය. එකෙක් ගලවන විට තව පස්දෙනෙකු එල්ලි අවසන්ය. නමුත් පොඩි හමුදුරුවන්ගේ එක කූඩැල්ලෙක් එල්ලුනේ නැත. හමුදුරුවෝ එක්කෝ පුරුදු වී ඇත. නැති නම් කූඩැල්ලන් චීවරයට බිය විය යුතුය. එවේලේ මට එසේ සිතුනි. මාගේ කැමරාවේ ආයිතම් ගෙනයෑමට ඉතා රුචියක් දැක්වු මෙම පොඩි හාමුදුරුවෝ ඉතා ඔනෑකමින් එහි ක්‍රියාන්විතය බලා සිටින ලදි. මා සතුන් හා ශාක පිලිබද කියා දුන් ඇතැම් දේ ඉතා ඔනෑකමින් අසා සිටි පොඩිහාමුදුරුවෝ හා මගේ සමාගමට ඉතා ඉක්මනින් තවක් පොඩි හාමුදුරුවෝ නමක් එකතු විය. මා අරනට ගිය මොහොතේ තරමක් සැක මුසු මූනෙන් බැලු මුන් වහන්සේලා, ලේඛකාධිකාරින් වහසේගේ හදුන්වා දීමෙන් පසු ගජ යහලුවන් විය.
මගේ කැමරාවේ කාච රැගෙන යාම එක් අයෙකුට ඔනෑ විය. අධාරකය ගෙන යෑම තවත් අයෙකුට ඔනෑවිය. තවමත් කෙලිලොල් වියේ පසුවන මෙම පොඩි හමුදුරුවන් වහන්සේලා තුල ඇති කෙළි කමත්, බුදු පුතෙකු ලෙස ඇති විනය හා හික්මීමත් මගෙ සිත බුදුන් කල රාහුල පොඩිහාමුදුරුවන්ගේ කතාවට රැගෙන යන ලදි.
ඇදිරි වැටෙන තුරු තපෝ වනයේ ඇවිදිමින් මා නෑවත මගේ නඩේගුරුන් දෙදෙනා සමග "ශීත" වනයට එන ලදි. සවස බුදුන් වැදීම හා ධර්මදේශනය සදහා ඒ වන විට සියල්ල සූදානම් කර තිබුනි.
"තපෝ වනයට" වඩා "ශීත" වනය කඩිසරය. පුංචි ඇත්පැටවු මෙන් පෙලට යන කුඩා සාමනේරයන් වහන්සේලාගේන් මෙම කොටස වර්ණවත් වී ඇත. තවමත් දහම් අධ්‍යාපනය හා භික්ෂු දිවිය පුහුනු වන මෙම කුඩා සාමණේරයන් තුලින් මා දුටුවේ අනාගන මහා ශික්ෂාකාමි, ධර්මධර, විනයධර, තපෝ ගුණයෙන් අනූන බුදු පුතුන්ය.
අනන්ත මහා සාංසාර සාගරයේ ඉම සොයන සොදුරු සුපින්වතුන්ය.
එක තැන එක් අයෙකු ඇමදීම කරයි. තවකෙකු මල් අසුන සාදයි. තව තැනක සැදැහැවතුන් සදහා බෝධිපූජා ආදි කටයුතු කරයි. සියලුම දෙනාට තමන්ටවු "වතක්" ඇත. එනම් වගකීමක් ඇත. සියලු දෙනා එය ඉතා පිලිවෙලට කරනු ලබයි. මාගේ කාමරය හරි හැටි අස් නොකර ගන්නා මම මුන්වහන්සේලා දැක මා ගැනම ලැජ්ජාවීමි. මට මතක් වූයේ අම්මාත් තිෂාරාත් නිතරම කියන කතාය.
මෙහි සියලු දේ ක්‍රමත් කාල සටහකට සිදුවෙයි. සියලූම වැඩිමහල් හමුදුරුවන් උදෑසන 4 ට අවදි විය යුතුය. පසුව ගෙඩිය ගසා ( ඝංඨාරය ) කුඩා ස්වාමීන් වහසේලා අවදි කල යුතුය. 4. 30 දක්වා කාලය මුව දෙවීම හා පිරිසිදු වීම් සදහා භාවිතා කල යුතුය. ඉන් පසු 4.30 සිට "වත පිරිත" හා ඉන් පසුව 5 වනතෙක් භාවනා කල යුතුය.
උදෑසන 5 වන විට කැද වැළදීම සිදුවෙයි. කොළ කැද , ලුණු කැද ආදි ඖෂධිය කැද වැලදීම මෙහිදි සිදුවෙයි. උදැසන අප මෙන් මුන්වහන්සේලා "ඇන්කර්, රත්ති හෝ නන් ෆැට්" කිරි බොන්නේ නැත. මටද අද උදැසන ප්‍රනීත ලුණු කැද වීදුරුවක් ලැබුනි. එතුලින් මා ලැබු ප්‍රබෝධය "ප්ලේන්ටියකින්" හෝ "ග්‍රීන් ටි" තබා "නෙස්ටමෝල්ට්" වලින්වන් ලබා නැත. ඉන් පසු කුඩා හිමිවරුන් "වනපොත්" කිරීම ඇරභිය" යුතුය. ගථා පිරිත්, සූත්‍ර, දහම කරුනු වනපොත් කරනු ලබයි. වැඩිහිටි හිමිවරු නැවත භාවනා කලයුතුය.
පසුව 5.30 සිට 6 දක්වා "වත් පිලිවෙතෙහි" යෙදීම කරනු ලබයි. එහිදි තමන්වහන්සේලාට එදින ඇති "වත" සිදුකිරීම කරනු ලබයි.
උදෑසන 6 ට බුද්ධවන්දනාව සිදුකරනු ලබයි. මෙය පැය භාගයක් කරනු ලබයි. මා මෙතෙක් දැක ඇති ඉතා පූජණීයම බුද්ධවන්දනාව මෙයයි. මෙයට ගිහි ඇත්තන්ද සහභාගි වෙනු ලබයි. සියලුම හිමිවරුන් උපෝසථාගරයට විත් එකවර ගාථාකියමින් කරනු ලබන බුදුන් වැදීම තුලින් අප තුල ජනිතවන බුද්ධාලන්භන ප්‍රීතිය ලියෑ තැබීමට තරම මාගේ වචන කෝෂය පිරී නැත.
6.30 උදෑසන දන් පිලිගැන්වීම සිදු වෙයි. ගිහි සුපින්වතුන් මහා උදාර ලීලාවෙන්, උත්තුංගව පිලියෙල කරගත් හීල් දානය මෙහිදි බුදුන් ප්‍රමුණ මහා සංඝරත්නයට සඝසතුකොට පූජාකොට පිලි ගැන්වීම කරනු ලබයි.
ඉන් පසුව 6.30 සිට සියලූම දෙනා වහන්සේ නැවත වනපොත් කිරීම භාවනා කිරීම අරබනු ලබයි.පුරා පැය දෙකක් මේය සිදුකරනු ලබන අතර, 9.30 නැවත බුද්ධ පූජාව පවත්වනු ලබයි. සධාතුක මන්දිරයේ රමණිය ලෙසත් විරාගි අපරිමාණ බුද්ධාලම්භන ප්‍රීතියත් පෙරටු කර ගනිමින් බුද්ධ පූජාව පවත්වනු ලබයි.
9.45 අරණේ ලොකු කුඩා සියලූම දෙනා වහන්සේලා "පින්ඩපාතයේ" වැඩමවීම සිදු කරයි. මා, මගේ දිවියේ දුටු දර්ශන වලින් සොදුරුතම දසුනක් වන්නේ මෙම සියලුම දෙනා වහන්සේලාගේ පිංඩපාත චාරිකාවයි. මගේ ඇස් ඉදිරියේ ක්ෂනිකව මැවුනේ බුදුන්වහසේ සමගින් අසූවක් දෙනා වහන්සේලා පෙරටු කරගත් මහා සංඝරත්නය එදා පිඩුසුඟා ගිය අයුරුය. ජේෂ්ඨත්වය මත පෙල සැදී යන අයුරු වඩා තීව්‍ර වන්නේ කුඩා සාමනේරයන් වහන්සේලා දුටු විටය. එක මොහොතක් එක ලෙස සිටිය නොහැකි ලපටි ලමා විය බුද්ධ චීවරය දරාගත් විට නිසොල්මන් වී ඇති යුරු නෙතගට කදුලු උනන දසුනකි. බිමට යොමුකරගත් නෙත් යුගල. ශාන්ත ගමන.ඍජු ශරීරය, මෙකි අංග තුලින් මවන ලද දර්ශනය සැබවින්ම උතුල් දර්ශනයක් විය.
පිංඩපාතය නිමකිරීමෙන් පසු නැවත තම කුටිය කරා එන මුන්වහන්සේලා,ඉන් පසුව "පැන් පහසුව" සලසා ගනු ලබයි.නා පිරිසුදු වීම, සිවුරු අදන ආදී සෝදා ගැනීම ආදිය සදහා මෙම කාලය හිමිවරු භාවිතා කරනු ලබයි.
පසුව 11.15 පමණ සිට ඉර හැරීමට පෙර දහවල් දානය වැලදීම කරනු ලබයි. ඉර අවරට යෑමෙන් පසු ආහාර ගැනීමක් සිදුවන්නේ නැත. බුදුන්වහනේ විනය නීතියක් මගින් සවස් කාලයේ පිංඩපාතයේ යෑම වලකමින් එය නවතා ඇත. ඒ සදහා වන හේතු විනය පිටකයේත් අටුවාවලත් මැනවින් පැහැදිලිකර දී ඇත.
12 ට තැවත බුද්ධ වන්දනාව සිදුකරනු ලබයි.ඉන් පසුව කුඩා හිමිවරුන් විසින් දහම් දෙසීම සදහා පුහුනු වනු ලබයි. 12.30 දක්වා පුහුනුවන දහම් දෙසීම් සිදුකරනු ලබයි.
12.30 සිට 1 දක්වා සියලූම දෙනා වහන්සේලා විවේක සුවයෙන් පසුවනු ලැබෙයි. පසුව පස්වරු 1කට අධ්‍යාපනය ලබල හිමිවරුන් සදහා පිරිවෙන් කටයුතු ආරම්භවෙයි.සවස 5 වනතෙක් පිරිවෙන පැවැත්වෙන අතර සවස 5ට නැවත වත් පිලිවෙත් කිරීම ඇරඹේ.
සවස 6 සිට 7 දක්වා සන්ධ්‍යා ධර්මදේශනය ඇරඹේ. ප්‍රවීන හිමි නමක් විසින් දහම් දෙසුම සිදු කරනු ලබයි. එය ඇසීමට කුඩා හිමිවරු මෙන්ම ගිහි පිංවතුන්ද පැමිනීම සිදුවෙයි.
සවස 7 ට නැවත උදෑසන මෙන් සන්ධ්‍යා බුද්ධ වන්දනාව ඇරබෙයි. අනතුරුව "වතපිරිත" පැවැත්විය යුතු අතර පසුව ගිලන් පස වැලදීම කරනු ලබයි.
ඉන් පසුව යෙදෙන 8 සිට 8.30 දක්වා භාවනා කිරීම් සිදුවන අතර, 8.30 සිට 9.30 දක්වා කුඩා හිමිවරු වනපොත් කිරීමත්, වැඩිහිටි හිමිවරු බවුන් වැඩීමත් කල යුතුය.
රාත්‍රි දහයට කුඩා හිමිවරු සැතපීම කරනු ලබන අතර, 10.30ට වැඩිහිටි හිමිවරු සැතපෙනු ලබයි.
මෙය මෙම අරණේ දෛණික දින චරියාව වෙයි. සියලූම දෙනා වහන්සේලා මෙයට අනුගතව ක්‍රියා කරනු ලබයි. සැම විටම වෙලාව මතක් කිරීමට ගෙඩිය ගසනු ලබයි.සෑම දෙනාම වහන්සේලා, රිද්මයකට, ක්‍රමානුකූලව දිනය ගෙවනු ලබයි.
දුටු දුටු නෙත් පහන් කරනවා වීතරාගි සිත් පහල වන මෙම අරණේ මෙම දින චරියාව එකල බුදුරජානන් වහන්සේ අනු දැන වදාළ අයුරින්ම පවත්ගෙන යනු ලැබීම ඉතා වටිනා දෙයකි.
මෙම අරනෙහි පරිපලනය කරනු ලබන මගේ කළ්‍යාණ මිත්‍රයන්වහන්සේලා දෙනම ගැන නොකියා බැරිය.
වතුරුවිල මහසෙනසුනේ නායක හිමියන් වනුයේ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වංශික වනවාස මහා නිකායේ අතිපූජනීය අනුනායක දුරන්ධර මහෝපාධ්‍ය, අවසර මහකන්දේ රතනාපලාභිධාන අනුනායක මාහිමියන්ය.
තවද වතුරුවිල මහසෙනසුනේ විහාරාධිකාරි හිමියන් වනුයේ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වංශික වනවාස මහා නිකායේ අතිපූජනීය ලේඛකාධිකාරි දුරන්ධර රාජකීය පන්ඩිත , අවසර නුවරෙළියේ රථනවංශාපලාභිධාන ලේඛකාධිකාරි මාහිමියන්ය.
මුන්වහන්සේලා දෙනමගේ සෙවනේ වැඩෙන කුඩා හිමිවරුන් මතු දිනෙක ලක් සසුන දිදුලවන ඕෂධි තාරුකාවන් වනු ඇත.
මා මෙය පල කලේ හේතු කීපයක් සදහා.
බොහෝ අය කියන කතාවක් තියෙනවා, අද ලංකාවේ කොහෙද සසුනක්. භික්ෂූන් වහන්සේලා නෑ. ඉන්නේ ගනින්නාස්සේලා. මට ඇවැසි උනා ඒ කතාව බොරුවක්, මහා ගුණධාරි බෝධි සත්ව ගුනෝපේත හාමුදුරුවරු ඔනෑතරම් සිටින බව පැවසීමට
තවද නියම බුදු මග ඔස්සේ යන බුදු සවුවන් පිලිබද දැනුවත් කිර්මට හා එවන් උතුම් පුද්ගලයන්ගේ ඇසුර මා ලබනවා හා සමානව අන් අයටද ලබා දීම සදහා.
දැන් රැල්ලක් වෙලා තියෙන මහමෙවුනා අසපු වැනු හුදෙක් ලෞකිතවය මූලික කරගෙන යන ස්ථාන වලට පහර ගසනවාට වඩා මෙවැනි පිං කෙත් පිලිබද මහජනයා වඩ වඩා දැනුවත් කොට එවන් ස්ථාන කරා යොමු කර වීම.
අනතර්ජාලය තුල ඇති ඌරල් ගතිය තරම හෝ බුදු සිසිලෙන් තෙමා නැති කල හැකියි කියන විශ්වාසය මත. මොකද විශේ ෆේස්බූක් තුල ඇති කුහක ජඩ ඇවතුම් පැවතුම් තුලින් සිංහල දරුවෝ බේරා ගැනීම කල යුතුව ඇත. සිංහලකම, අපේ කම අප රැකගත යුතුව ඇත. අප අනෙකුත් ජාතින්ට , අනෙකුත් ආගම් වලට විවේචන විරෝධතා එල්ල කලා පමණින් අප රැකෙන්නේද නැත. අපද ප්‍රතිපත්ති ගාමින් විය යුතුය. අද බොහෝ තැන්වල බොහෝ අය කරන්නේ අනුන්ගේ කුනු සෙවීමය. නමුත් ඔව්න් තමන් ගැන බලන්නේ නැත. මේ දිනවල හොදම උදාහරණයක් මාහටම ඇත. එක්තරා ෆෙස්බූක් කන්ඩායමක එක්තරා මහතෙකු හා එම මහතා අනුව යන තවත් මහත්මාවරු හා නෝනාවරු, මා කල එක් ප්‍රකාශයක් නිසා මා ගැන, මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන, මගේ රැකියාව ගැන, මගේ රැකියාවේ ස්වභාවය ගැන, මම ආරම්භකරගෙන ඉතා ක්‍රමිකව ගොඩනගා ගත් මගේ ආයතනය ගැන ආදි මා සම්බන්ද නා නා දේ ගැන මහා වාදයක් කරගෙන යනු ලබයි. මාගේ මවත් පියාවත් තිෂාරාවත් නොසොයන දෑ මේ මහත්මාරු සොයනු ලබයි. මා ගැන හොයන එක හොදය. නමුත් ඊට වඩා නරකද තමන් ගැන සොයා ගත්තානම්.
එම මහත්මාවරු කවුද කියා මා දන්නේද නැත. මට දැන ගැනීමට වැඩක්ද නැත. එම මහත්වරුද මා ගැන දන්නේද නැත. මා මුණ ගැසි මා සමග කතා කොට, මා කවුද මා කර ඇති, කරන, කිරිමට යන දෑ ආදි මා සම්බන්ධ දේ ගැන දන්නේද නැත. ඒවන් තත්වයක ඔව්න් මා ගැන මහා වාදයක් කරනු ලබයි. ඇතැම් අය මා ගැන නීතිමය කටයුතුද කිරීමට සැරසෙන බවක් කියා ඇත. මේ හැම දෙසම මා මහත් කරුණාවෙන් එකත් පසව බලා සිටින්නේ, කනගාටුවෙන්ය. මේ ලංකාවේ තරුණ පරපුරය. යමක් කල හැකි සවිමත් අයය. නමුත් මොවුන් තමන් කරන්නේ කුමක්ද කියා විමසා බලාගෙන නැත.
එවන් තවයකදි වතුරවිල සාමනේරයන් වහන්සේලා මොවුනට පරමාධර්ශි වෙයි.
වතුරවිල මීට පෙරද ගොස් ඇති මා මෙවර ගියේ මා එම අරණ සදහා සෑදු වෙබ් අඩවිය පිලිබද කරුනු සොයා බැලීමටය.
තවමත් සම්පූර්ණ කර නැති එම වෙබ් අඩවිය පහත පරිදි වෙයි
මා මෙය මගේ අනුශාසක කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා ගේ අනු දැනුම මතසිදු කරගෙන යනු ලබන්නේ,මෙතුලින් නූතන තාක්ශයය භාවිතා කොට මෙම මහා උදාර ජීවිත ගැන ලොවට හඬගා කිව හැකියැයි මා විශ්වාස කරන නිසාය.
අපට කල හැකි දේ මෙයයි. පගේ වගකීම මෙයයි.
අවසන් වශයෙන් මම මෙසේ කියමි ඔබත් දවසකට හරි වතුරුවිලට ගොස් බලන්ඩ.
ඔබ සැබෑව දකීවි.
එහි පස්සිකෝ පච්චත්තං වෙදි තබ්බෝ විඥ්ඥෝ හේති- එන්න ඇවිත් බලන්න. ඔබට ගැලපේනම්, ඔබට වැටහේ නම් පිලිගන්න.
- උමන්දා ජයෝබණ්ඩාර.