පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

තරුලෙන්ගල සේනාසනය


එදා නික්ලේශී මහ රහතුන් වහන්සේලා බොහෝ පිරිසකට සෙවන දුන්...තරුලෙන්ගල ආරාමය...

තරුලෙන්ගල සේනාසනය අම්පාර ලාහුගල පිහිටා ඇත. මේ ඓතිහාසික ආරාමය වසර 2400 කටත් වඩා පැරණි බව විශ්වාස කෙරෙන අතර එහි විහාරය කාවන්තිස්ස රජතුමා විසින් කල බව පැවසෙන සෙල්ලිපියක් ඇත... ඊට අමතරව තවත් සෙල් ලිපි කිහිපයක් ඒ අවට ඇත...

එදා නික්ලේශී මහ රහතුන් වහන්සේලා බොහෝ පිරිසකට සෙවන දුන් කටාරම් සහිත ගල්ලෙන් ගණනාවකින් යුත් මේ ආරාමය කුඩිම්බිගල විහාර සංකීරණයටම අයත්ව තිබූ බව පැවසේ...

මෙම විහාරයේ සුවිශේෂීත්වය නම් දැනට නිදන් හොරුන්ගෙන් වී ඇති විනාශයත්, ස්වාභාවික ගරා වැටීමත් නිසා අභාවයට යමින් ඇති සැතපෙන පිළිම වහන්සේ ලක්මවගේ දෙවන පිළිම වහන්සේ ලෙස හදුනාගෙන තිබීමයි... අනෙක් සුවිශේෂිත්වය නම් ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය පිහිටා ඇත්තේද මෙම සේනාසනයේය...

මෙම ආරාමයේ ඇතැම් ලෙන් තුල ආදිවාසී හෙළයන් ඇදි චිත්‍රද දැකගත හැකිය... 

සුපුරුදු පරිදිම ලංකාවේ පුරාවිද්‍යා අංශයේ කිසිදු අවධානයකට ලක් වී නැති මේ ඓතිහාසික භූමිය විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උත්සහය නිසාම යම් පමණකට සුරැකී පවතී.. ඇතැම් විට නුදුරේදීම එම අනගි හෙළ උරුමය ජාතියට අහිමි වී යෑමේ ඉඩකඩද සුළුපටු නොවේ...